Saturday, January 26, 2013
මම ඇයව දූෂණය කළෙමි...
දෙනෝ දාහක් ඉස්සරහ
බස් නැවතුමේ
හිරිපොද වැස්සෙ
එන එන බස් එක
නැවත්තුවත්
ඇය යන බස් එක
පමා වෙලා
මමත් රැක ගෙනම ඉඳිය..
අන්තිමට ඒ බස් එකටම නැග්ග
කුඹුක් ගහ ගාවින්
බැහැල ඔවිට දිගේ එද්දි
හොඳටම බිං කළුවර..
අනේ අයියෙ
පුළුවන්නම් මාව
ගෙදරට ඇරලවල යන්න..
කදිම අවසරය..
පාළු අම්බලම ගාවදි
වැස්ස සැරයි..
යටි හිත ඇයත් ඇද ගෙනම
අම්බලම අතුලට ගියා..
තෙමුණු සුදු ගව්ම
ඇඟටම ඇලිල
මූණ පිනි ජම්බු ගෙඩියක් වගේ
රෝස පාටට මම දිහා
බලං ඉන්නව වගේ
කෑලි කැපෙන අඳුරෙ
ඇය තවමත් මුල්ලකට
ගුලි වෙලා
කෑ ගැහුවත් ඇහෙන්න
කෙනෙක් නෑ..
හයියෙන් අකුණක් පිපිරුව..
මම ඒ එළියෙන්
ඇයට තවත් කිට්‍ටු උණා..
..............
.......
.....
....................
......
වත්තෙ ගෙදර මාම
අපි දෙන්න හිමින් හිමින්
යද්දි
ඉස්සරහට දුව ගෙන ආව..
බය වෙන්න එපා තාත්තෙ
අයිය මාව පරිස්සමට එක්කන් ආව..
ඇය ආදරෙන් මගේ දිහා බලල
තාත්ත එක්ක ඈතට ගියා..
ඔව් මම එයාව පරිස්සමට එක්කන් ගියා..
ඒ ත් මම එද්දි
මගේ යටි හිත
දෙවනි වතාවටත් අම්බලමෙ
ඇයව දූෂණය කරනව.....
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.